webnovel

මනෝ කතාවක්-1\"/ -

-•''°|°''•- \"/මනෝ කතාවක්-1\"/ -•''°|°''•-

____________________________________

පාළු හවසක දැනෙන,

තනිකම මකාගන්න කියල හිතලා...

මම ගියා රළ පාරට වැලි තෙත්වෙන මුහුදු සුළඟ විදින්න..

දවස ගෙවිල යන විදිහ මටම හිතාගන්න බෑ,

ටිකෙන් ටික රතු පාට බෝලයක්, නූලක් වගේ තියෙන ක්ෂිතිය දිහාවට යද්දී...

මම නැගිට්ටේ...

තවත් ඉන්න කම්මැලි නිසා.

එක පාරටම සීතල සුළඟක් හමද්දි...

මට හිතුනා, මොකක් හරි ලොකු වෙනසක් අද සිද්ද වේවි කියල.

අලුත් වුන බලාපොරොත්තුවක්,

එක පාරටම හිතට ආපු සතුටක්

එක්ක..

මම ආපහු ගෙදර එන්න ආවා.

සෙනඟ පිරුණු බස් එකක,

තනියම එන ගමන්,

මනෝ ලෝකෙක අතරමං වෙලා..

ඇස් ඇරන් දැකපු හීනෙ,

හැබෑ වෙන්න එද්දිම..

තදබල brake පාරක් වැදුන බස් එකේ මාත් එක්කම, හිටිය සේරම shock වෙලා,

උඩ ගියාම...

එකපාරට ආයිත් දැනුන ක්ෂණික සීතළක් කොදු ඇට පෙළ හරහා යද්දි..

මගේ අත අල්ලගෙනම...

කෙනෙක් මගෙ ඇඟ උඩට විසි වුනේ..

Brake එකේ power එකට.

මොනව උනත්,

මගෙ කකුල පාගන ගමන්

මගෙ ඇඟේ එල්ලුනේ..

කවුද කියල දැනගන්න,

මම ඒ පැත්තට ඔළුව හැරෙව්වා...

____________________________________

Mr.A___✍️

let's keep reading shall we

Matheesha_Rashcreators' thoughts